ඉක්මනින් බැටරි බහින එක නවත්වමු
අද වනවිට ලෝකයේම Android Smart දුරකතන පරිහරණය වේ! ඒවායෙහි තාක්ෂණය ඉතාමත් දියුණු මට්ට්මක ඇති නිසා කාර්යයන් බොහෝ එමගින් ඉටු කරගත හැක! නමුත් අවාසනාවකට එහි බැටරි බලය සීමා සහිත වේ! එය එසේ සිදු වන්නේ එම දියුණු දුරකතන තුල සිදුවන බොහෝ ක්රියාවලි සදහා නිරන්තරයෙන්
බැටරි බලය ඒ සදහා වැය වීමයි!
උදාහරණ ලෙස ( Network,Brightness,Wifi, Running Softwares,GPS )
1) ඔබේ දුරකතනයේ වැඩිපුර වැයවන මෘදුකාංග හා විශේෂාංග නිරික්ෂණය කිරීම! මේ සදහා ඔබ Settings>Battery වෙත ගොස් එහි දැක්වෙන ස්ථාපනය කර ඇති මෘදුකාංග හා විශේෂාංග වලට වැයවෙන බැටරි බලය බැලිය හැක! මෙමගින් ඔබ භාවිතා නොකරන බැටරි බලය ක්ෂය වන මෘදුකාංග හා විශේෂාංග ඔබට ක්රිය විරහිත කලහැක!
2) විවිධ මෘදුකාංගවල ස්වයංක්රීය දැනුම් දීම් ( Notifications) ක්රියාවිරහිත කිරීම! Facebook,Twitter,Email වැනි මෘදුකාංගවල ඇති ස්වයංක්රීය දැනුම්දීම් Manual කරගැනීමෙන් ඔබට පෙරටත් වඩා ඔබේ බැටරිය බොහෝ වේලා තබා ගත හැක!
3)අවශ්ය නොවන තරංග ජාල (Radios Networks)ක්රියාවිරහිත කිරීම! නවීන දුරකතන වල ඇති LTE,NFC,GPS,Wi-Fi,Bluetooth වැනි ජාල අඩංගුය! මින් කිහිපයක් Android දුරකතන වල ස්ථානය පාදක කරගත් ඒවා වන අතර ඒවා දුරකථනයේ පසුතලයේ ( Background) ක්රියා කරයි! එම නිසා මේවා නිතර ක්රියාකාරි උවහොත් බැටරි බලය වේගයෙන් ක්ෂයවී යයි! ඔබට මෙම තත්වය පාලනය කරගැනීමට Power Management App (බල පාලක මෘදුකාංග) එකක් භාවිතා කල හැක! එමගින් ඔබගේ බැටරිය නිතර බැසීමකට ලක් නොකර හානියක් නොවී දිගු කාලයක් තබා ගත හැක! මෙම මෘදුකාංගය ලබා ගැනීමට මෙතනින් යන්න!
4)Power Saving Mode භාවිතා කරන්න! ප්රබල පෙලේ දුරකතනයක් වන Samsung s5 දුරකතනයේ Ultra Power Saving සහ Extreme Power Saving mode යන බලය ඉතුරු කරගත හැකි විශේෂාංග පවතී! මේවායින් දුරකතනයයෙන් සිදු කරන කාර්යයන් සීමා කොට වැඩි කාලයක් බැටරි බලය රදවා ගැනීමට ඉවහල් වේ!
5)පසුතලයේ ක්රියා කරන අත්යවශ්ය නොවන මෘදුකාංග හා විශෙෂාංග ක්රියාවිරහිත කිරීම! Settings>Apps වෙත ගොස් ලැබෙන තිරයේ දකුණු පස ඔබට පසුතලයේ ක්රියාකරන මෘදුකාංග හා විශෙෂාංග බැලිය හැක! එමගින් ඔබට පසුතලයේ නිරන්තරයෙන් හෝ අවශ්ය නොවන මෘදුකාංග ආදිය මෙහිදී ක්රියාවිරහිත කල හැක!
6)ඉදිරිපස පසුතලයේ ඇති අනවශ්ය විසිතුරු විශේෂාංග,පින්තූර ආදිය ඉවත් කරන්න! Animated Pictures,Home Screen Gadgets වැනි දේ මගින් නියත වශයෙන්ම ඔබගේ දුරකතන බැටරියේ බලය ක්ෂය වීමට බලපායි! එම නිසා ඔබට අවශ්ය නොවන ඉදිරිපස පසුතල විශේෂාංග ඉවත් කිරීම වැදගත් වේ!
7)දුරකතනයේ දීප්තිමත් භාවය (Brightness)අඩු කිරීම හා ස්වයංක්රීය දීප්තිමත්භාවය ක්රියාවිරහිත(Automatic Brightness)කිරීම! මෙමගින් ඔබගේ Android බැටරියේ දිගු පැවැත්ම සදහා ඉතා වැදගත් වේ!
8)ඔබ ස්ථාපනය කර ඇති මෘදුකාංග යාවත්කාලීන කරන්න! (Software Update) ඔබේ දුරකථනයේ ඇති මෘදුකාංග ආසන්න වෙලුමට යාවත්කාලීන (Latest Update)කර ඇත්නම් එම මෘදුකාංග වලට අඩු බැටරි බලයක් වැයවේ! එම නිසා ඔබ ස්ථාපනය කර ඇති සියලුම මෘදුකාංග යාවත්කාලීන කරගත යුතුය! බොහෝ මෘදුකාංග ස්වයංක්රීයව යාවත්කාලීන වන අතර සමහරක් යාවත්කාලීන කරන ලෙස දැනුම් දෙයි! ඔබගේ මෘදුකාංග යාවත්කාලීන කරගැනීමට Google Play හි Menu එකට ගොස් My Apps ගොස් සිදු කරගන්න!
9)දුරකතනය අවශ්යම නොමැති වේලවකදී Airplane Mode එකෙහි තබන්න! ඔබේ දුරකතනයට Signal නොමැති අවස්ථාවකදී Signal අසුකරගැනීම සදහා වැඩි උත්සාහයක් ගනියි! මෙහෙදී ඔබගේ බැටරි බලය බොහෝ ක්ෂය වීමට ලක් වේ! එම නිසා එවන් අවස්ථාවකදී හෝ කෙසේවත් භාවිතා නොකරන අවස්ථාවකදී ඔබේ දුරකතනය Airplane Mode එකට දැමීමෙන් බැටරි කාලය යම්තාක් හෝ දිගු කරගත හැක!
10)ඔබගේ දුරකතනයේ පසුතලය (Background Image) සදහා කලු පසුබිමක් සහිත රූපයක් යොදන්න! කලු වර්ණය සදහා අඩු බැටරි බලයක් වැයවන නිසා එමගින්ද ඔබගේ Android දුරකථනයේ ආයු කාලය දිගු කරගත හැක!
Normally Smartphone වල, Normal phone වල දකින්න පුළුවන් ලොකුම අඩුපාඩුව විදියට Phone එකේ Battery එක ඉක්මනට dead වීම කියන්න පුළුවන්. ඒකට ලොකුම හේතුව විදියට මම දකින්නේ Phone එක Charge කිරීමේදී නිවැරදි පියවරක් අනුගමනය නොකිරීමයි. Battery එක charge කරනකොට Full charge කරන්න එපා. මොකක්? ? ? මේක තමයි ගොඩක් අය කරන එක වැරැද්දක්. ඉස්සර ගොඩක්ම භාවිතා කළේ Ni based battery නිසා ඒක අවුලක් වුනේ නෑ. නමුත් දැන් 90% කටත් වැඩිපුර තියෙන්නේ “Li” based battery නිසා ඒවා Full charge කරන්නේ නැතුව තියනවනම් හොදයි. ඒක නිසා Battery life එක අඩුවෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා. (ගොඩක් නිෂ්පාදක අය තමන්ගේ Brand එක වර්ධනය කරගන්න 95% ට පසුවත් Charge වීමක් පෙන්නනවා. නමුත් එසේ කිරීමේදී බැටරි ආයුකාලය අඩුවේ.) Battery එක 10% ට අඩුවෙන් use කරන්නත් එපා. මේක තමයි ඔයාලා වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්ය දේ.
CONVERSATION
Subscribe to:
Post Comments
(
Atom
)
About Me
Popular Posts
-
Amazing Facts About Shedd Aquarium If you are going to visit Chicago, you got to experience visiting the icon and leader in aquarium and...
-
3 Wheel Drive Challenge මෙන්න යාලුවනේ නියම රේස් game එකක් . කාර් race ගිහින් එපා උන අයට 3 weel රේස් එකක්. එහෙනම් පහල download එක ක්ලික් ...
-
ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones...
Pinterest Gallery
Instagram Shots
Tweet Tweet
Get All The Latest Updates Delivered Straight Into Your Inbox For Free!
0 comments:
Post a Comment